Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෝ ඒවායේ සත්‍යතාව පිළිබඳ කිසිදු වගකීමක් හෝ රාජකාරියක් තමන් සතු නොවන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.
ඒ, පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය අශෝක රන්වල, තමන්ට හිමි බව කියන ආචාර්ය උපාධිය සැබෑ ලෙසම විදේශීය විශ්වවිද්‍යාලයකින් ලබාගෙන තිබේද යන්න සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනයෙන් අනතුරුවයි.
මෙම කාරණය සම්බන්ධයෙන් ‘ඩේලි මෝර්නිං’ කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ ඒවායේ සත්‍යතාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට කිසිදු වගකීමක් හෝ රාජකාරියක් නොමැති බවත්, මන්ත්‍රීවරයකු ලබා ගත යුතු විශේෂ අවම අධ්‍යාපන සුදුසුකමක් ද නොමැති බවත් ය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රීවරයෙකුට ලැබිය යුතු අධ්‍යාපන සුදුසුකම් නිශ්චිතව දක්වා නැහැ. නාමයෝජනා බාරදෙනකොටත් අපි එයාලගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බලන්නේ නැහැ.” යැයි සභාපතිවරයා පවසයි.
කථානායකවරයාගේ සුදුසුකම්වල සත්‍යතාව පිළිබඳ මතභේදය මතුවීමත් සමඟ එම චෝදනා සම්බන්ධයෙන් කථානායකවරයා සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඇමතීමට කිහිපවරක් ‘ඩේලි මෝර්නිං’ ගත් උත්සාහයන් අසාර්ථක වී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වැනි ව්‍යවස්ථාව මඟින් ඡන්දදායකයකු වීමට සුදුසුකම් ඇති සෑම පුද්ගලයකුම, අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවල සඳහන් නිශ්චිත විධිවිධාන යටතේ නුසුදුස්සකු නොවන්නේ නම් මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට ද සුදුසුකම් ඇති බවට මූලික විධිවිධාන දක්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart