
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන පරීක්ෂණවල තත්ත්වය පිළිබඳ තෘප්තිමත් බව කතෝලික පල්ලිය ප්‍රකාශ කර තිබේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පවසා ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව බලධාරීන් විසින් වරින් වර පල්ලිය යාවත්කාලීන කරමින් සිටින බවයි.
ඒ අනුව පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්වන බවත්, විමර්ශන කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳව බලධාරීන් විටින් විට කතෝලික පල්ලිය දැනුවත් කරන බවත් පියතුමන් පැවසීය.
මේ වන විට සැකකරුවන් 20-25ක් පමණ අත්අඩංගුවේ සිටින බවත්, එමෙන්ම වන්දි ඉල්ලා ගොනු කළ වින්දිතයන්ගේ නඩු ඇතුළු නඩු ගණනාවක් තවමත් ක්‍රියාත්මක වන බවද ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් වැඩිදුරටත් පවසා තිබේ.
අත්අඩංගුවේ පසුවන ඇතැමුන් ප්‍රහාරය පිළිබඳ තොරතුරු රාශියක් ඇති පුද්ගලයන් බවත්, ප්‍රහාරයට වගකිවයුත්තන් අනාවරණය කර ගැනීම අසාද් මවුලානා මාර්ගයෙන් සිදු කර ගත හැකි බව ඔවුන් විශ්වාස කරන බවත් පියතුමන් පැවසීය.
චැනල් 4 වාර්තා චිත්‍රපටයක් සඳහා ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි දුන් සාක්ෂිකරුවෙකු වන මවුලානා චෝදනා කළේ බුද්ධි අංශය සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් අතර සම්බන්ධතා ඇති බව සහ එම පාර්ශව ප්‍රහාරයට සම්බන්ධ බවයි.
“චැනල් 4 වාර්තා චිත්‍රපටයේ තොරතුරු සැපයූ අසාද් මවුලානාගෙන් ප්‍රශ්න කිරීම තුළින් බොහෝ දේ හෙළිකර ගත හැකි වෙතැයි අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart