Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් වෙත වන්දි ගෙවීමට තමන් සතුව ප්‍රමාණවත් පරිදි මුදල් නොමැති බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද උදෑසන සිය පෞද්ගලික ධනයෙන් ඉදිකළ නව ධර්මශාලා මන්දිරයක් විවෘත්ත කරනු ලැබීය.
මෙම නව ධර්මශාලා ගොඩනැගිල්ල මැදිරිගිරිය දිවුලන්කඩවල කුසුම් පොකුණ ශ්‍රි පුෂ්පාරාම විහාරස්ථයේ ඉදිකර ඇත.
මෙම නව ධර්මශාලා ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ වූයේ යහපාල රජය සමයේ ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේය.
පසුව එහි ඉතිරි ඉදිකිරීම් වැඩ විහාරස්ථයේ දායක සභාවේ සහ මෛත්‍රීපාල සිරිසෙනගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අවසන් කර අද සසුනට පුජා කර තිබේ.
මේ සදහා ශ්‍රි පුෂ්පාරාම විහාරාධිපති දැවගොඩ ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේද සහභාගි වූහ.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට අධිකරණය විසින් නියම කළ සම්පූර්ණ වන්දිය ලබන වසරේ ජුනි මස 30 වැනිදාට පෙර ගෙවන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පාස්කු ඉරිදා පෙත්සම්වල වගඋත්තරකරුවන් කිහිපදෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළේය.
පහත විදියෝවෙන් දැක්වෙන්නේ ධර්මශාලාව විවෘත්ත කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ජනමාධ්‍ය අමතා දැක්වූ අදහස් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart