December 7, 2023

කොරෝනා සමයේ මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම වැරදි බව පැවසීම නිසා ජනමාධ්‍ය හරහා තමන් ත්‍රස්තවාදියෙක් යැයි ප්‍රචාරය වූ බව විදේශ ඇමැති අලි සබ්‍රි පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

” ප්‍රසිද්ධ ජනමාධ්‍යයේ හිමිනමක් මම ත්‍රස්තවාදියෙක් කියලා චෝදනා කළා. මට උසාවි යන්න සිද්ධ වුණා. උසාවි ගිහිල්ලා තහනම් නියෝගයක් ගත්තා. කොවිඩ්වල බලහත්කාරයෙන් පුච්චන එක වැරදියි කියපු හින්දා ප්‍රසිද්ධ නාලිකා ඒ සඳහා අවශ්‍ය ඉඩ ලබාදුන්නා. අලි සබ්‍රි ත්‍රස්තවාදියෙක් කිව්වා.

මම ඉල්ලුවේ මේ රටේ මිනිස්සුන්ට එකට සළකන්න කියලා. මම කැබිනට් එකේදී අවස්ථා පහකදී මේ ගැන කතා කළා. මම සාමාජිකයන් 08 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් හදාගෙන අවස්ථා තුනකදී චන්න පෙරේරා මහත්මයාගෙයි මෙත්තිකා මහත්මියගෙයි කමිටුවේ කරුණු දැක්වුවා.

වෙන මොනාද කරන්න කියන්නේ. දාලා දුවන්න බෑ මට. ඒක තමයි ලේසිම දේ. මම වගකීමක් අරන් තියෙනවා ඒක මම ඉෂ්ට කරලා තියෙනවා.”

 

42.31%
17.27%
32.76%