January 10, 2025

මරණ දඬුවම නියම වීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලේ සැලකිවයුතු කාලයක් රඳවා සිටි දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයට නැවත මාරුකර යවා ඇතැයි වාර්තා වේ.

අද උදෑසන මෙලෙස ඔහු රෝහලේ සිට බන්ධනාගාර සිර මැදිරියකට යොමුකර ඇතැයි පැවැසේ.

දුමින්ද සිල්වා කිසිදු රෝගයකින් තොරව බන්ධනාගාර රෝහලේ රඳවා සිටින බවත්, ඔහුට එහි සුවිශේෂී පහසුකම් ලැබෙන බවත් පසුගියදා ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරිණි.

අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව නැවත වෛද්‍යවරුන් විසින් සළකා බලන බව බන්ධනාගාර නිළධාරීහු ප්‍රකාශ කළහ.

42.31%
17.27%
32.76%