January 21, 2024

සතොස හරහා අලෙවි කරන ඉන්දියානු බිත්තර මිල, අද (20) සිට ඉහළ දමා තිබේ.

ඉන්දියානු බිත්තරයක නව මිල රුපියල් 43 ක් බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂීතතා ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි.

වැට් වැඩිවීම මෙම මිල වැඩිකිරීමට හේතුව වූ බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මීට පෙර ඉන්දියානු බිත්තර අලෙවි කළේ, රුපියල් 35ක් වැනි මුදලකටයි.

42.31%
17.27%
32.76%