Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීමිත ඉඩකඩ සහ රැඳවියන් ඉහළයෑමේ බරපතළ ගැටලුවකට රට පුරා බන්ධනාගාර මුහුණ දී සිටී.
තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත්තේ මත් ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ පොලිස් මෙහෙයුම් මගින් සැකකරුවන් 10,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත් සමඟය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෑත කාලීන දත්ත පෙන්වාදෙන්නේ රට පුරා බන්ධනාගාර 30ක රැඳවියන් 13,000ක් පමණක් රඳවා තබාගැනීමට පහසුකම් තිබුණද 30,000කට අධික රැඳවියන් පිරිසක් සිටින බවයි.
නීති ක්‍රියාවලියේ ප්‍රමාදයන් හේතුවෙන් සිරකරුවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් නඩු විභාග බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිසිය පසුගිය සතියේ දීප ව්‍යාප්ත මෙහෙයුමක් දියත් කළ අතර එහිදී සැකකරුවන් 10,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම වැනි බරපතළ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සිරගතකිරීමට නියමිත අතර සුළු වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් පොලිස් ඇප මත මුදාහැරීමට ඉඩ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
13,000ක් පමණ රැඳවියන් රඳවා ගැනීම සඳහා බන්ධනාගාර ඉදිකරන ලද නමුත් දැනට එම බන්ධනාගාරවල දෙගුණයකට වැඩි පිරිසක් රඳවා ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක පැවසුවේ, මෙම තදබදය කළමනාකරණය කිරීම සඳහා කෙටි කාලයක් සඳහා රඳවා සිටින සැකකරුවන්ට බන්ධනාගාර තුළ තාවකාලික ඉඩක් සෙවීමට නිලධාරීන් උත්සාහ කරන බවයි.
සාමාන්‍ය බන්ධනාගාරවලට එල්ල වන පීඩනය ලිහිල් කිරීම සඳහා ඇතැම් රැඳවියන් සිර කඳවුරුවලට ද ගෙනයන බව ඔහු පැවසීය.
එමෙන්ම සුළු වැරදි සම්බන්ධයෙන් රඳවාගෙන සිටින පුද්ගලයන් ඔවුන්ගේ නඩු විභාගවලින් අනතුරුව නිදහස්කිරීම කඩිනම් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart