March 14, 2024

උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත මගින් ලබාදුන් ආයෝජන සහන හේතුවෙන් අත්හැර දැමූ බදු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 1,085ක් බව බදු වියදම් පිළිබඳ මුදල් අමාත්‍යංශය විසින් කරන ලද හෙළිදරව්වකින් අනාවරණ වී තිබේ.

උපාය මාර්ගික ව්‍යාපෘති 14ක් සඳහා බදු ගණනය සිදු කෙරේ.

ආයෝජන මණ්ඩල නීතිය යටතේ අඩු කාලපරිච්ඡේදවලට සාපේක්ෂව වසර 25ක් දක්වා ලබා දී ඇති අභිමත බදු සහන සම්බන්ධයෙන් මෙම නීතිය විවේචනයට ලක්ව ඇත.

දූෂණයට දොරටු විවර කිරීම සම්බන්ධයෙන් ද ඊට චෝදනා එල්ල වී තිබේ.

නීතිය යටතේ ප්‍රධාන විදේශගත ශ්‍රමිකයන් යම් කාලයක් සඳහා ආදායම් බද්දෙන් නිදහස් කිරීමද මතභේදයට ලක්ව තිබේ.

රුපියල් බිලියන 3,353ක බදු පදනමක් මත 2022/2023 තක්සේරු වර්ෂය සඳහා අහිමි වූ ආයතනික බදු ප්‍රමාණය රුපියල් මිලියන 805ක් ලෙස ගණන් බලා ඇත.

බදු වියදම් මනිනු ලබන්නේ සියයට 28ක ආයතනික බදු අනුපාතයකට එරෙහිවය.

අහිමි වූ එකතු කළ අගය මත බදු ප්‍රමාණය රුපියල් මිලියන 280ක් ලෙස ගණන් බලා ඇත.

ශ්‍රී ලංකාව සහ නිදහස් වෙළෙඳාම ඇති රටවල ආයෝජන පිරිවැය අඩු කිරීම සඳහා ව්‍යාපෘති ආයෝජන කාලය තුළ ආනයනය කරන ද්‍රව්‍ය සඳහා එකතු කළ අගය මත බදු මෙන්ම ආනයන බදු සහ තවත් සමහර දේශසීමා බදු නිදහස් කෙරේ.

යෝජනා වී තිබූ ව්‍යාපෘති 6ක ව්‍යාපෘති ආයෝජන කාලය අවසන් වී ඇති අතර තවත් හතරක් 2024දී අවසන් වේ.

වසර 12ක දීර්ඝතම ව්‍යාපෘති ආයෝජන කාලය HCL Technologies වෙත ලබා දී ඇත.

ආයෝජන මණ්ඩල සමාගම්වලට අදාළ ‘බදු වියදම්’ ප්‍රකාශයකින් ද රුපියල් බිලියන 23.94ක පාඩුවක් සිදුව ඇති බව පෙන්වා දී ඇත.

2022 දී ආයෝජන මණ්ඩල සහන නිසා ශ්‍රී ලංකාවට අහිමි වූ ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 23.94කි.

එහෙත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති නැගෙනහිර ආසියාතික රටවල සම්මත අනුපාතය වන සියයට 20ක බදු අනුපාතය විශ්ලේෂණයේ දී ‘සහනයක්’ ලෙස සළකා තිබේ.

උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ පසුගිය සමයේ බොහෝ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට ඇතැම් දේශපාලනඥයන් පවා කටයුතු කළ බවටත් එමගින් ආයෝජකයන්ට දිගු කාලීන බදු සහන ලබාදීමට කටයුතු කර ඒ වෙනුවෙන් කොමිස් ලබා ගැනීමට කටයුතු කළ බවටත් විවිධ අවස්ථාවලදී චෝදනා එල්ල විය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවා සඳහන් කර තිබුණේ මෙම පනත රටට අවාසිදායක බවය.

 

42.31%
17.27%
32.76%