October 18, 2024

පාලන මිලට සහල් අලෙවි කරන බවට ඩඩ්ලි සිරිසේන ඇතුළු මහාපරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රතිඥා ලබාදුන්නද, වෙළෙඳපොළේ නාඩු සහල් මිල පාලන මිල ඉක්මවා ඉහළ ගොස් තිබේ.

මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පැවසුවේ, නාඩු වී හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

එහි සභාපති බී.කේ. රංජිත් පවසන්නේ, මේ වනවිට නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 230 ඉක්මවා සිල්ලර වෙළෙඳපොළේ අලෙවි වන බවයි.

නාඩු සහල් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 220 කි.

මෙවැනි තත්ත්වයක් යටතේ නාඩු සහල් සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන්ගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කර ඇත.

ඔහු පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ සොයාබැලූ බවයි.

පසුගිය කන්නයේ හා මෙවර කන්නයේ නාඩු වී අස්වැන්න ප්‍රශස්ත මට්ටමක පැවති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කළ සාකච්ඡාවකදී හෙළි වූ බවද ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව වෙළෙඳපොළේ කෘත්‍රිම සහල් හිඟයක් ඇතිකර ඇති බවට අනුමාන කරන බව ඔහු පවසයි.

ඔහු පවසන්නේ, පවතින තත්ත්වය පිළිබඳ මහාපරිමාණ සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර විසඳුමකට එළැඹෙන බවයි.

ඊට සමගාමීව සතොස හරහා නාඩු වී සෘජුව මිලට ගෙන සහල් බවට පත්කර වෙළෙඳපොළේ නිකුත් කිරීමට පියවර ගන්නා බවද ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

42.31%
17.27%
32.76%