Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම් ටේප් යොදාගනිමින් බිත්තියට ඇලවූ කෙසෙල් ගෙඩියක් සහිත කලා කෘතියක් සඳහා ඩොලර් මිලියන 6.2ක් වියදම් කිරීමෙන් පසු එම කෙසෙල් ගෙඩිය ප්‍රසිද්ධියේ අනුභව කරමින් තමන් දුන් පොරොන්දුවක් ඉටුකිරීමට ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ ව්‍යවසායකයකු වන ජස්ටින් සන් කටයුතු කර තිබේ.
34 හැවිරිදි සන් හොංකොං හි සුපිරි හෝටලයකදී ජනමාධ්‍යවේදීන් සහ බලපෑම් කරන්නන් දුසිම් ගණනක් ඉදිරියේ කෙසෙල් ගෙඩිය ආහාරයට ගනු ලැබුවේ සංකල්පීය කලාව සහ ක්‍රිප්ටෝ වැනි ගුප්තකේතන මුදල් අතර සමානකම් පෙන්වීම සඳහා කතාවක් ද පවත්වමිනි.
චීනයේ උපත ලැබූවකු වන සන් එම කෙසෙල් ගෙඩිය රස බැලූ පළමු අවස්ථාවේම සඳහන් කළේ අනෙකුත් කෙසෙල්වලට වඩා එම කෙසෙල් ගෙඩිය බෙහෙවින් හොඳ බවයි.
ඉතාලි කලාකරු Maurizio Cattelan විසින් නිර්මාණය කරන ලද ‘Comedian’ ලෙස නම් කෙරුණු මෙම සංකල්පීය කෘතිය පසුගිය සතියේ නිව් යෝර්ක් හි Sotheby’s වෙන්දේසියකදී අලෙවි වූ අතර, ලංසුකරුවන් හත් දෙනෙකු අතරින් සන් එය හිමිකර ගැනීමට සමත්විය.
ලංසුව දිනා ගැනීමෙන් පසු පළමු තත්පර 10 තුළ තමාට ඒ සම්බන්ධයෙන් අවිශ්වාසයක් දැනුණු බවත් පසුව ‘මෙය විශාල දෙයක් විය හැකි’ බව අවබෝධ කර ගත් බවත් සන් පැවසීය.
ඉන්පසු තත්පර 10කින් ඔහු කෙසෙල් ගෙඩිය අනුභව කිරීමට තීරණය කළ අතර එය පුවත්පත් සාකච්ඡාවකදී අනුභව කිරීම කලා කෘතිය ඉතිහාසයේ කොටසක් බවට පත්කිරීමට හැකිවනු ඇති බවට තීරණය කළ බවත් ඔහු සිකුරාදා පැවසීය.
එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුග්‍රහය ඇති ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපෘතියක් වන World Liberty Financial හි ඩොලර් මිලියන 30ක ආයෝජනයක් ද සන් විසින් මේ සතියේ අනාවරණ කළේය.
ඔහුගේ ක්‍රිප්ටෝ ව්‍යාපෘතියට අදාළව සන් වෙත ලියාපදිංචි නොකළ සුරැකුම්පත් පිරිනැමීම සහ විකිණීම සම්බන්ධයෙන් පසුගිය වසරේ එක්සත් ජනපද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් චෝදනා එල්ල කරන ලදී.
නඩුව තවමත් පැවැත්වේ.
හොංකොං හිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සන් පැවසුවේ මෙම කලා කෘති සඳහා ලංසු තැබීමට තමා මෑතකදී තීරණය කළ බවත් කෙසෙල් නරක වී තිබේද සහ කාර්යය අගය කරන්නේ කෙසේද වැනි ‘මෝඩ ප්‍රශ්න’ තමාට තිබූ බවයි.
පැයකට ඩොලර් 12 බැගින් වූ ගෙවීමක් යටතේ මෑන්හැටන් හි ඉහළ නැගෙනහිර පැත්තේ පළතුරු කඩයක වැඩ කරන ෂා අලාම්ගෙන් ඩොලර් එකකට වඩා අඩු මුදලකට කෙසෙල් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.
එම කෙසෙල් ගෙඩිය ඩොලර් මිලියන ගණනකට කලා කෘතියක් ලෙස නැවත අලෙවි කළ බව අලාම් නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාකරුවකුගෙන් දැනගත් විට ඔහු කෑගසා තිබේ.
“මම දුප්පත් මිනිසෙක්,” 74 හැවිරිදි අලාම් පුවත්පතට පවසා තිබේ.
“මට කවදාවත් මේ වගේ මුදල් තිබුණේ නැහැ. මම කවදාවත් මේ වගේ මුදල් දැකලත් නැහැ. ”යනුවෙන් ද ඔහු පවසා තිබේ.
සන් පසුව අලාම්ගේ කුටියෙන් කෙසෙල් 100,000ක් මිලදී ගැනීමට පොරොන්දු වී ඇති අතර ‘එදිනෙදා ජීවිතය සහ කලාව අතර ඇති සුන්දර සම්බන්ධතාවයේ සැමරුමක්’ ලෙස කෙසෙල් ලොව පුරා බෙදා හරින බව ද පැවසීය.
සන් කීවේ තමා දිනක අලාම්ගේ කුටිය වෙත පෞද්ගලිකව පැමිණීමට බලාපොරොත්තු වන බවයි.
කලා කෘති හිමිකරුට එය කැටෙලන් විසින් නිර්මාණය කරන ලද බවට සනාථ කිරීම සඳහා සත්‍යතාව පිළිබඳ සහතිකයක් මෙන්ම කෙසෙල් නරක අතට හැරුණු විට එය ප්‍රතිස්ථාපනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් ලබා දීමට කටයුතු කර තිබේ.
දැන් අනුභව කරන ලද කෙසෙල් ගෙඩිය මෙන්ම, ඕනෑම කෙසෙල් ගෙඩියක් බිත්තියකට අලවා එය ‘Comedian’ ලෙස හඳුන්වමින් කලා කෘතිය ප්‍රතිනිර්මාණය කිරීමේ අයිතිය ද සන් විසින් මිලදී ගත් බව වාර්තා වේ.
සිකුරාදා උත්සවයට සහභාගී වූවන් සෑම කෙනෙකුටම සිහිවටනයක් ලෙස ටේප් රෝලක් සහ කෙසෙල් ගෙඩියක් ලබා දී තිබුණේ “හැමෝටම කන්න කෙසෙල් ගෙඩියක් තියෙනවා” යනුවෙන් සන් ප්‍රකාශ කිරීමෙන් පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart