
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවකු වූ ‘ගණේමුල්ලේ සංජීව’ නමැත්තා ඝාතනයට පළිගැනීමක් ලෙස ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ බිරිඳගේ මව්පියන් ඝාතනය කිරීමේ උත්සාහයක් පොලිසිය විසින් ව්‍යර්ථ කර තිබේ.
කෙහෙල්බද්දර පද්මේගේ බිරිඳගේ පන්නල ප්‍රදේශයේ නිවස වීඩියෝ කරමින් කරමින් සිටියදී මෙම ඝාතන සැලැස්මට සම්බන්ධ බවට සැකකෙරෙන තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ බිරිඳගේ මව, පියා සහ බාල සොහොයුරා නිවසේ සිට ඇතැයි ද පැවසේ.
එම නිවසට එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිසියට බුද්ධි තොරතුරක් ලැබී ඇති අතර, ඒ අනුව පොලීසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා එම පරිශ්‍රයේ වීඩියෝ දර්ශන පටිගත කරන අයුරු දැක තිබේ.
අවුරුදු 21 සහ 24 යන වයස්වල පසුවන සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඔවුන් ‘ඩුබායි සමීර’ නමැති අපරාධකරුවෙකුගේ උපදෙස් මත ක්‍රියාකර ඇති බවයි.
සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශවලට අනුව ‘ඩුබායි සමීර’ නමැත්තා විසින් අදාළ නිවසට ප්‍රවේශ වන මාර්ගය සටහන් කර එම දර්ශන තමාට ලබාදෙන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇත.
ඔහු තමන්ට මත්කුඩු මිලදී ගැනීම සඳහා ඉඳහිට මුදල් ලබාදුන් බවද සැකකරුවන් පවසා තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් ප්‍රහාරයක් සඳහා සූදානම්ව සිටි බවට පොලීසිය සැක පළකරන අතර පොලීසිය විසින් විමර්ශන අතරතුර පන්නල – කොස්වත්ත ප්‍රදේශයේ සඟවා තිබූ ගිනි අවියක් ද සොයාගෙන තිබේ.
සැකකරුවන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවේ පසුවන බවත්, ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.
මේ අතර ‘ගණේමුල්ල සංජීව’ නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල කොටසක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් 16 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
එලෙස ප්‍රශ්න කළ අය අතර ‘ගණේමුල්ල සංජීව’ නමැත්තා ඝාතනය වූ දින ඔහු උසාවියට රැගෙන ඒමට වගකිව යුතු නිලධාරීන්ද සිටින බව පැවසේ.
තවත් පුද්ගලයන් 15 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
එදිනම වෙනම නඩුවක් සඳහා අංක 5 අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අධිකරණ නියෝගයක් අනුව ගනේමුල්ල සංජීව අලුත්කඩේ අංක 9 අධිකරණය වෙත රැගෙන ආ බව නිල වාර්තාවල දැක්වේ.
ගණේමුල්ල සංජීව ඝාතනයට පෙර දින බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සිර මැදිරිය ඉදිරිපිට තිබී ජංගම දුරකථනයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක පැවසුවේ එය වැඩිදුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා අදාළ අංශ වෙත භාරදී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart