July 1, 2024

කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියක (අංක 1019) රියදුරුගේ සේවය අත්හිටුවා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

රියදුරු බීමතින් කලබල කර මහනුවර නගරයට නුදුරින් සුදුහුම්පොළදී හදිසියේම දුම්රිය නවතා එම ස්ථානයෙන් පළාගොස් ඇති බව වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් මගීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දන්වා ඇත.

මෙම සිද්ධියෙන් කොළඹ – නුවර දුම්රියේ සිටි මගීන් කලබලයට පත්ව තිබේ.

42.31%
17.27%
32.76%