November 29, 2023

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ඉදිරියේදී පොලිසිය සහ රෝහල් හරහා පුනරුත්ථාපනය වීමට හැකිවනු ඇතැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පවසයි.

“මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ට පොලිසිය සහ රෝහල් හරහා පුනරුත්ථාපනය සඳහා යොමුකළ හැකි පරිදි නීති සංශෝධනය වෙමින් පවතී.” යැයි ඇමැතිවරයා සඳහන් කරයි.

දැනට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමුකරනු ලබන්නේ අධිකරණ පද්ධතිය මගිනි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කිරීමෙන් බන්ධනාගාරවල තදබදය අවම කළ හැකි බව ඇමැතිවරයා පෙන්වාදෙයි.

පුනරුත්ථාපන කාලය තුළදී ආපදා කළමනාකරණය, ප්‍රථමාධාර, ජීවිතාරක්ෂක, පරිසර ආරක්ෂණ පාඨමාලා, වෘත්තීය පුහුණු අවස්ථා සහ සහතිකපත් නිකුත් කිරීම වැනි විවිධ පුහුණුවීම් ලබාදෙන බවද ඔහු පැවැසීය.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේ කන්දකාඩු, සේනපුර සහ වවුනියාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනක් ඇත.

මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථාන මුලින් ආරක්ෂක අංශ වෙත භාර වූ එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීම සඳහා ආරම්භ කරන ලද අතර පසුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා පරිවර්තනය කරන ලදී.

42.31%
17.27%
32.76%