
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චර්නොබිල් හි විනාශ වූ න්‍යෂ්ටික බලාගාරයට රුසියාව ඊයේ රාත්‍රියේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසයි.
රුසියාව එලෙස පහර දී ඇත්තේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ අඩංගු ආවරණයකට බව ද ජනාධිපතිවරයා පැවසුවේය.
එහෙත් යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවය පසුව පැවසුවේ බලාගාරයේ විකිරණ පසුබිම් සීමාවන් සාමාන්‍ය තත්ත්වයෙන් පවතින බවයි.
“ඊයේ රාත්‍රියේ, රුසියානු ප්‍රහාරක ඩ්‍රෝන යානයක් අධි පුපුරනසුළු යුධ ශීර්ෂයක් සහිත චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ විනාශ වූ 4 වන බල ඒකකයේ විකිරණවලින් ලෝකය ආරක්ෂා කරන ආවරණයට පහර දුන්නා,” යනුවෙන් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් සෙලෙන්ස්කි පැවසීය.
එමෙන්ම ඔහු චෝදනා කළේ රුසියාව මුළු ලෝකයටම ත්‍රස්තවාදී තර්ජනයක් බවයි.
“එවැනි ස්ථානවලට පහරදෙන, න්‍යෂ්ටික බලාගාර අල්ලාගෙන, ප්‍රතිවිපාක ගැන කිසිදු තැකීමක් නොකර යුද්ධ කරන ලෝකයේ එකම රට රුසියාව” බවට ද ඔහු චෝදනා කළේය.
“විකිරණ මට්ටම් වැඩි වී නොමැති අතර නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබනවා” ඔහු තවදුරටත් පැවසීය.
එහෙත් යුක්‍රේනයේ චෝදනාවලට පිළිතුරු දෙමින් රුසියාව පවසන්නේ, තමන් යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරවලට ප්‍රහාර එල්ල නොකරන බවයි.
කෙසේවෙතත් බලාගාරයේ සිවවැනි බල ඒකකයට මුහුණලා ඇති CCTV කැමරාවක දැක්වෙන්නේ විකිරණ ආවරණයට ඩ්‍රෝන යානයකින් පහර එල්ල වන බව සහ එහි ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත පිපිරීමක් සිදු වූ බවයි.
ඉන් එම ආවරණයට හානි සිදුවී ඇති අතර, ගිනි නිවන භටයන් විසින් ගින්න නිවාදමනු ලැබූ බව ද එහි දැක්වේ.
පිපිරීමෙන් ආවරණයේ සිදුරක් පවතින බව ද යුක්‍රේන ජනමාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
යුක්රේන ගුවන් හමුදාව පවසන පරිදි රුසියාව චර්නොබිල් ඇතුළු රටේ උතුරු කලාපයට ප්‍රහාරක ඩ්‍රෝන යානා ඇතුළුව රට පුරා ඉලක්ක වෙත ඩ්‍රෝන 100 කට අධික සංඛ්‍යාවකින් ප්‍රහාර එල්ල කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart