June 20, 2023

රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) තීරණය කර ඇත.

ඒ අනුව, රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය පසුගිය සතියේ ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

වලංගු කාලය දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ සතිය වනවිට නිකුත් කරන බව ද කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කරයි.

මුද්‍රණ කාඩ්පත් හිඟය හේතුවෙන් නිකුත් කරන මෙම තාවකාලික රියදුරු බලපත්‍රවල ආරක්ෂක කේතයක් සහ වසරක වලංගු කාලයක් අඩංගු වේ.

කාඩ්පත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර, දිනකට කාඩ්පත් 4,000කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කෙරේ.

එක් දින සේවාව පහසු කිරීම සඳහා රියදුරු බලපත්‍ර කාඩ්පත් 500ත් 600ත් අතර ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති අතර, ඉතිරි කාඩ්පත් පසුව මුද්‍රණය කෙරේ.

42.31%
17.27%
32.76%