Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙර මුද්‍රණයේ ප්‍රමාදයන් හේතුවෙන් එක්රැස් වූ රියදුරු බලපත්‍ර කාඩ්පත් 130,000 ජනවාරි මාසය ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගනිමින් ඇතැයි වාර්තා වේ.
මීට අමතරව, ආයතනය තුළ ඇති සේවාවන් ඔන්ලයින් පද්ධතියක් හරහා විධිමත් කර පවත්වාගෙන යන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න කුමාර ගුණසේන පැවසීය.
වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න කුමාර ගුණසේන මෙම අදහස් පළකළේය.
මෙම සංචාරයේදී අමාත්‍යවරුන් ආයතනයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයාබලා තිබේ.
වර්තමාන තාක්ෂණික ක්‍රමවේද වෙනුවට නවීන, වඩාත් ඵලදායී විකල්ප සමඟින් එය වඩාත් කාර්යක්ෂම, සේවා-නැඹුරු රාජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කරන බව ද ඔවුහු පැවසූහ.
2025 වසර අවසන් වන විට ඓතිහාසික පරිවර්තනයක් සිදුකිරීම නව රජයේ ප්‍රතිපත්තිය බව ද නියෝජ්‍ය අමාත්‍යවරුන් එහිදී පවසා තිබේ.
මෙම අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙපළ, ගොඩනැගිලි ඉදිකිරීම වැනි භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි පමණක් අවධානය යොමුනොකර, සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මානව සම්පත් සහ කුසලතා සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දීම රජයේ අරමුණ බව ද පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart