Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන පථයේදී ඊයේ සිදුවූ ඛේදජනක අනතුරට සම්බන්ධ මෝටර් රථ රියදුරන් දෙදෙනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඊයේ (23) දියතලාව ප්‍රදේශයේ පැවති “Fox Hill Super Cross 2024” ධාවන ඉසව්ව අතරතුර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා සිටියි.
මියගිය පුද්ගලයින් අතර වැඩිහිටි පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු සහ කුඩා දැරියක ද වන බව පොලීසිය පවසයි.
එම දැරියගේ වයස අවුරුදු 08 ක්.
මියගිය පුද්ගලයින් අතරින් සිව්දෙනෙකු ධාවන ඉසව්වේ නිලධාරීන් වන අතර තවත් දෙදෙනෙක් නරඹන්නන් අතර සිටි සිවිල් වැසියන් බව ද පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ ධාවන පථයෙන් ඉවතට පැන ධාවනය වූ මෝටර් රථයක් ප්‍රේක්ෂකයින් පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
“Fox Hill Super Cross 2024” ධාවන ඉසව්ව මේවනවිට තාවකාලිකව අත්හිටුවා ඇති බව ද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දියතලාව පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Sri Lanka Automobile Sports (SLAS) සහාය ඇතිව දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨය විසින් 28 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘Fox Hill Super Cross’ තරඟාවලිය ඊයේ (21) දියතලාවේදී ආරම්භ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart