April 16, 2024

කොටුව දුම්රිය ස්ථානයේ දී පළමු වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිදුවීමට අදාළ දුම්රිය රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ ප්‍රකාශ කර ඇත්තේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

මෙම පරීක්ෂණය අවසන් වීමෙන් පසු දුම්රිය රියදුරුගේ සේවය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ඉඳිපොලගේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කොටුව දුම්රිය ස්ථානයේ සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියක් සිය ගමන ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවේදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබිණි.

දුම්රිය පළමු වේදිකාවට ඇතුළු වී ඇති නමුත් රියදුරුට දුම්රිය නවත්වා ගැනීමට නොහැකි වීම නිසා නියමිත ස්ථානයේ නතර නොවී වේදිකාවට කඩා වැටී ඇත.

අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී තොතිබුණ ද දුම්රියේ ඉදිරිපසට සහ දුම්රිය වේදිකාවට හානි සිදුවී ඇත.

42.31%
17.27%
32.76%