March 7, 2024

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරු හදිසයේ රෝගීවීමෙන් බසය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයකකට කඩා වැදී අනතුරකට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් 13 දෙනකු තුවාල ලබා ඇති අතර ඉන් සුලු තුවාල ලැබූ 06 දෙනෙකු මැදවච්චිය රෝහලේ ප්‍රථිකාර ලබන බව පොලිසිය පවසයි.

බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

මෙම පෞද්ගලික බස් රථය වව්නියාවේ පිහිටි ඇඟලුම් හලකට සේවකයන් රැගෙන යමින් සිට ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී සේවකයින් 40ක් පමණ එහි සිට ඇතැයි කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ ගරාජයේ හිමිකරු එහි සිට නොමැති අතර අනතුරින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.

අනතුරින් පසු අවට සිටි පිරිස් පැමිණ බලද්දී රියදුරුට පියවි සිහිය තිබී නොමැති බව ද කියති.(ලංකාදීප)

42.31%
17.27%
32.76%