Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උසස් පෙළ විභාගයට පෙනී සිටි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මුස්ලිම් සිසුවියන් පිරිසකගේ ආගමික නිදහස සහ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ස්වයංව සිදුකළ පරීක්ෂණයෙන් පසු සිය මතය ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව එම කොමිසම සඳහන් කරන්නේ ඇතැම් මුස්ලිම් කාන්තාවන් සහ ගැහැණු ළමුන් අඳින හිස් ආවරණය වන විශේෂිත ඇඳුම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) වගන්තිය මගින් ආගමික පිළිපැදීම් සහ භාවිතයන් යටතේ ආරක්ෂා කර ඇති බවයි.
එවැනි ඇඳුමක් මත පදනම්ව ඕනෑම පුරවැසියකුට වෙනස් කොට සැළකීම ලිංගිකත්වය සහ ආගම යන පදනම මත වෙනස් කොට සැළකීම යටතේ පුරවැසියකුට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් විය හැකි බව ද එම කොමිසම් ප්‍රකාශ කර ඇත.
එවැනි ඇඳුම් සඳහා යම් සීමාවක් පැනවීමට 15(7) වගන්තියේ සඳහන් කර ඇති පරිදි ඇති විශේෂිත අරමුණක් තිබීම අවශ්‍ය බව ද කොමිසම පෙන්වා දී ඇත.
අදාළ සිදුවීමට හේතු වී තිබුණේ විභාගය අතරතුර කන් පෙනෙන ලෙස තිබිය යුතු බවට වන විභාග නීතිය ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ උසස් පෙළ අයදුම්කාරියන් 70 දෙනෙකු පමණ උල්ලංඝනය කළ බව පවසමින් ඔවුන්ගේ විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා තිබීමයි.
චෝදනාවට හේතු වන්නේ වර්තමානයේ ඇති තාක්ෂණික මෙවලම් අනුව එම සිසුවියන් විභාගය අතරතුර බාහිරින් සහාය ලබා ගැනීම සඳහා කිසියම් විද්‍යුත් උපකරණයක් කනේ පැළඳ සිටියාද යන්න තහවුරු කර ගැනීමට නොහැකි වීම බව සඳහන්ය.
මානව හිමිකම් කොමිසම පවසන්නේ අදාළ රීතිය මගින් කිසියම් විශේෂිත ඇඳුම් වර්ගයක් තහනම් කර නොමැති බැවින් සිදු කිරීමට අවශ්‍ය තක්සේරුව සඳහා ඔවුන්ගේ කන් පෙනෙන බව සහතික කිරීමට පමණක් අපේක්ෂකයන් බැඳී සිටින බවයි.
ඉස්ලාම් දහම පිළිපදින එම ගැහැණු ළමුන් කන්වල දෘශ්‍යතාවට බාධාවක් නොවන පරිදි ලිහිල් විනිවිද පෙනෙන හිස් ආවරණයක් පැළඳ සිටි බව ප්‍රකාශ කර ඇති බව මානව හිමිකම් කොමිසම විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දන්වා තිබේ.
ඒ අනුව එම කොමිසම විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ අදාළ ඇඳුම නිසා සත්‍ය වශයෙන්ම කිසියම් විභාග රීතියක් උල්ලංඝනය වී ඇත්ද යන්න පිළිබඳ පූර්ණ තක්සේරුවක් සිදු කරන ලෙසයි.
අදාළ විභාග රීතිය එවැනි සිසුවියන් පෙනී සිටි වෙනත් ස්ථානවලින් වාර්තා වී නොමැති බව ද කොමිසමේ අවධානයට ලක්ව තිබේ.
අදාළ විභාග මධ්‍යස්ථානයේ අයදුම්කරුවන් සියලු දෙනාම ගැහැණු ළමුන් වුවද අදාළ විභාග ශාලාවට අනුයුක්ත කර ඇත්තේ එක් පරීක්ෂකවරියක් පමණක් බව වාර්තා වන බවද කොමිසම විභාග දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
අනාගතයේදී විභාග ශාලා සඳහා ප්‍රමාණවත් පරිදි පරීක්ෂකවරියන් සංඛ්‍යාවක් යෙදවීම විභාග දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලෙස ද මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇත.
ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් කිසිදු ශිෂ්‍යයකු අගතියට පත් නොවිය යුතු බව මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart