Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළු ගගට වලං සේදීමට ගිය කාන්තාවක කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ කිඹුලා ඩැහගෙන ගොස් ඇත්තේ දොඩංගොඩ කොහොලාන උතුර ප්රදේශයේ පදිංචිව සිටී මල්ලිකා නිලන්ති මංගලිකා නමැති 52 හැවිරිදි විවාහක කාන්තාවක බව පොලිසිය කියයි.
මියගොස් ඇති කාන්තාව ඊයේ (26) උදෑසන කොහොලාන ප්රදේශයේ කළු ගං ඉවුරේ වලං සෝදමින් සිටියදී කිඹුලා ඩැහැගෙන ගොස් ඇති අතර, ඇයගේ විලාප හඩ ඇසීමත් සමග අසල සිටි සැමියා සහ තවත් පුද්ගලයකු ගහට පැන ඇති අතර , එසැනින් කිඹුලා ඇයව රැගෙන ගං පතුලට කිමිද ඇති බවද සදහන් වේ.
පසුව පොලිසිය සහ ප්රදේශවාසින් බෝට්ටු යොදා ගගේ මෙහෙයුම් කිරීමේදී කිඹුලා බියවී ඇයව හැරදමා පළාගොස් ඇති අතර, බෝට්ටුවකින් ඇය ගොඩගෙන ඇති බවද පොලිසිය කියයි.
ගොඩගත් කාන්තාව ඒ වන විටත් මියගොස් සිට ඇති අතර, ඇයගේ උරහිස සහ පාදයක ඇතුළු ප්රදේශවල දත් පහරවල් දක්නට ලැබුණු බව පොලිසිය පවසයි.
හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘතදේහය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත.
කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart