
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ‘ජල ශාස්ත්‍රීය’ හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන්, ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව වෙත නවීනතම නොගැඹුරු ජලයේ සමීක්ෂණ කටයුතු සඳහා භාවිත කරනු ලබන Shallow Water Multi-Beam Echo Sounder යන්ත්‍රයක් නිල වශයෙන් භාරදීම ඊයේ කොළඹ වරායේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතන පරිශ්‍රයේදී සිදුකෙරිණි.
ඒ, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජලශාස්ත්‍රිය සේවාව මඟින් අන්තර්ජාතික පරිහරනය සඳහා නිර්මාණය කරනු ලබන නාවික සිතියම් / ඉලෙක්ට්‍රොනික සිතියම් සඳහා අවශ්‍ය නිරවද්‍ය ජල ශාස්ත්‍රීය සමීක්ෂණ සිදුකිරීම වෙනුවෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් පුළුල් කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදෙන ලද මෙම Multi Beam Echo Sounder යන්ත්‍රය මඟින් ආරක්ෂිත නාවික ගමනාගමනය සඳහා අවශ්‍ය නාවික සිතියම් / ඉලෙක්ට්‍රොනික සිතියම් නිරවද්‍ය දත්ත පදනම් කරගනිමින් ඉහල ගුණාත්මක භාවයකින් යුතුව නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
මෙම Shallow Water Multi-Beam Echo Sounder යන්ත්‍රය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීමේ උත්සවයේදී ප්‍රථමයෙන් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, මෙම දායකත්වය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය වෙත ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළකරන බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපතිවරයා පැවසුවේ, ඉහළ තාක්ෂණික හැකියාවකින් යුත් ජල ශාස්ත්‍රීය සමීක්ෂණ උපකරණයක් ලැබීම ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සමුද්‍ර ආරක්ෂණ බැඳීම් සමඟ සමපාත වන බව සහ ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රීය ක්ෂේත්රයේ සංවර්ධනයේ නව යුගයක් සනිටුහන් කරන බවයි.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් වෙතින් නාවික හමුදාධිපති වෙත Shallow water Multi-Beam Echo Sounder යන්ත්‍රය නිල වශයෙන් භාරදීමෙන් අනතුරුව, නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ පි 267 යාත්‍රාවේ සවිකර ඇති Shallow water Multi-Beam Echo Sounder යන්ත්‍රයේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමද ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ නාවික හමුදාධිපතිවරයා විසින් සිදුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart