January 28, 2025

රාමසාන් උපවාස සමය සඳහා සවුදි අරාබියෙන් ප්‍රදානයක් වශයෙන් ලබා දී තිබෙන රට ඉඳි තොගයට ද ශ්‍රී ලංකා රේගුව මඟින් බදු පැනවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අද ප්‍රශ්න කෙරිණි.

එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ රට ඉඳි සඳහා ඇති බදු රාමසාන් උපවාස සමයේදී රජය විසින් ලිහිල් කරන බවයි.

ඒ අනුව ඊට අදාළව කැබිනට තීරණයක් පවා ගනු ලැබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ තීරණය අනුව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම රට ඉඳි තොගය ලැබී ඇති නිසා ඒ සඳහා බදු අය කර ඇති බවත් ඊට අවශ්‍ය සහනය ලබාදීම සඳහා මේ වනවිට අවධානය යොමුකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞදියෙන් ප්‍රදානය කෙරුණු මෙට්‍රික් ටොන් 50ක් වන රට ඉඳි තොගය සඳහා රේගුව රුපියල් මිලියන 33ක බදු අයකර ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%