Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොලොම්බියානු ගුවන් නියමුවකුගේ ගමන් මලු සොරකම් කිරීම සම්බන්ධයෙන් 45 හැවිරිදි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ගුවන් තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සොරකම් කරන ලද ගමන් මලු 40 හැවිරිදි කොලොම්බියානු ගුවන් නියමුවකුට අයත් බව වාර්තා වේ.
වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි ගෘහ සේවිකාව අබුඩාබියේ සිට පෙරවරු 8.38 ට එතිහාඩ් එයාර්වේස්(Etihad Airlines) ගුවන් යානයකින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු, සියලු මගීන් බැසීමෙන් අනතුරුව නියමුවා සහ ගුවන් කාර්ය මණ්ඩලය යානයෙන් පිටවගොස් ඇත.
ඔවුන් තම ගමන් මලු රැගෙන ගුවන් තොටුපොළින් පිටවීමට සූදානම් වූ විට ගුවන් නියමුවාට ඔහුගේ බෑගය නැති වී ඇති බව පෙනීගොස් තිබේ.
සිද්ධිය Etihad Airlines කළමනාකරුට වාර්තා කර ඇති අතර, ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන් CCTV දර්ශන විමර්ශනය කර ඇත.
යානයෙන් මුලින්ම ගොඩබැසි කාන්තාවක් ගුවන් නියමුවාගේ ගමන් මලු රැගෙන ගුවන් තොටුපොළේ වෙනත් ප්‍රදේශයකට ගොස් තම ගමන් මලු සහිත ට්‍රොලියක සඟවාගෙන යන අයුරු කැමරාවල සටහන්ව තිබෙන බව වාර්තා සඳහන් කරයි.
තවදුරටත් කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමේදී එම කාන්තාව කඩිමුඩියේ ගුවන් තොටුපළෙන් පිටවී ත්‍රිරෝද රථයකට ගොඩවන අයුරු දැකගත හැකිවී තිබේ.
Etihad Airlines නිලධාරීන් සිද්ධිය කටුනායක ගුවන් තොටුපල පොලිසියට වාර්තා කර ඇති අතර, පසුව ඔවුන් වත්තල හුණුපිටියේ පිහිටි ගෘහ සේවිකාවගේ නිවසට ගොස් ඇති අතර එහිදී ඇය සොරාගත් බෑගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ගෘහ සේවිකාව සහ සොරකම් කළ ගමන් මලු සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart