Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප සටන තියුණුවී ඇති අතර, ඡන්දදායකයන්ට මතක සිටින පරිදි අපේක්ෂකයන් විසින් ආකර්ෂණීය වාක්‍ය ඛණ්ඩ හාවිත කරමින් තමාව ප්‍රවර්ධනය කරනු දැකගත හැකිය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරයෙන් තරඟ වදින මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු තම ප්‍රචාරක කටයුතු සඳහා විපක්ෂය විසින් නිතර භාවිත කරන වාක්‍ය ඛණ්ඩයක් භාවිත කිරීමට තීරණය කර ඇත.
‘රනිල්-රාජපක්ෂ’ යන වාක්‍ය ඛණ්ඩය මැතිවරණ වේදිකාවල සඳහන් කෙරුණේ, හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ අතර සබඳතාව පෙන්වීමටය.
මෙම අපේක්ෂකයාගේ නම රනිල් රාජපක්ෂ වීම නිසා ‘පුරුදු නමක් අලුත් කෙනෙක්’ යනුවෙන් ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් සිය මනාප වැඩිකර ගැනීමට උත්සාහ කරමින් සිටී.
එවැනි නිර්මාණශීලී තවත් අය සිටින බව පෙනේ.
එවැනි එක් ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ නළුවකු සහ දේශපාලනඥයකු වන රන්ජන් රාමනායක විසින් “උන් ඔක්කෝම යාළුවෝ මල්ලි” ගීතය සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ නිරන්තරයෙන් ප්‍රචාරය කරනු ලබයි.
එහි තේරුම සියලුම දේශපාලකයන් මිතුරන් බැවින් කිසිවෙකු දූෂිත හොරු අල්ලන්නේ නැත යන්නයි.
එහෙත් රන්ජන් සිය මැතිවරණ ව්‍යාපාරයට විශාල ලෙස මුදල් වියදම් කරන මුලාශ්‍රය හෙළිකරන්නේ නැත.
හිටපු ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවුණත් ඔහුගේ ජනප්‍රිය නාමය වන ‘රනිල්’ යන්න කොළඹින් තරග කරන තරුණ අපේක්‍ෂක රනිල් විලඳරගේ භාවිත කරනු දැකගත හැකිය.
ඔහු හුදෙක් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ‘රනිල්ට’ ඡන්දය දෙන ලෙසය.
ජාතික ජන බලවේගය සිය මැතිවරණ ව්‍යාපාරයේ භාවිත කරන වැකිය වන්නේ, ‘මැති සබය පිරිසිදු කරමු’ (පාර්ලිමේන්තුව පිරිසිදු කරමු) යන්නයි.
කෙසේවෙතත් එම වැකියට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන කියාසිටියේ “පාර්ලිමේන්තුව සුද්ද කරන්න අපිට මාළිමාව මොකටද? පිරිසිදු කිරීමේ සේවා සමාගමකට දැනටමත් එම කාර්යය පවරා තිබෙනවා” යනුවෙනි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සිය මැතිවරණ ව්‍යාපාරය පුරාවටම ඔහුගේ ‘චොකා මල්ලි’ යන අන්වර්ථ නාමය භාවිත කරයි.
ප්‍රේමලාල් ජයසේකර මැතිවරණයට ඉදිරිපත් වන සෑම අවස්ථාවකම තම අන්වර්ථ නාමය භාවිත කිරීමේ පුරුද්දක් ඇත.
ඔහුගේ පෝස්ටර්, බැනර් සහ පුවත්පත් දැන්වීම් පවා මුද්‍රණය කර තිබුණේ ඔහුගේ සැබෑ නම නොව ඔහුගේ අන්වර්ථ නාමයෙනි.
සමගි ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදින මහාචාර්ය චරිත හේරත් සිය ප්‍රචාරක කටයුතු සඳහා තම නම භාවිත කළද, ඔහු සිය ප්‍රචාරක කටයුතුවල නිරත වන්නේ; “පාර්ලිමේන්තුවේ ඉන්න වටිනා චරිතයක්” සහ “මහත්මා දේශපාලනයේ චරිත සහතිකය” යන පාඨවලට ඔහුගේ නම සම්බන්ධ කරමිනි.
දකුණේ වැලිගමින් තරග වදින තවත් සජබ අපේක්ෂකයෙක් පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ “ගියපාර මළිමාවට මේ පාර වැලිගමට” ඡන්දය දෙන ලෙසයි.
කළුතර දිස්ත්‍රික් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක, හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ පුත් විදුර වික්‍රමනායක තම සටන් පාඨය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබිණි.
එහි වූයේ “උරුමය රැකුමට දුර දුන් මිනිසා” යනුවෙනි.
ඒ සටන් පාඨය සමඟ ඔහුගේ නම වන විදුර හා සම්බන්ධ කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart