March 4, 2025

හෙට දිනයේ කැඳවා තිබූ තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ, එම සංගමය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

ඒ අනුව, නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට කාලය ලබාදෙමින් වැඩවර්ජනය මාර්තු 21 දක්වා කල්දැමූ බවයි.

වෛද්‍යවරුන්ගේ දීමනා කපාහැරීමට රජය ගත් තීරණයට විරෝධය පළකරමින් එම සංගමය ඊයේ මාර්තු 5 වනදා රටපුරා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබිණි.