Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෛද්‍යවරුන් රට හැර යෑමෙන් සිදුවන පාඩු අවම කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බල මණ්ඩලය විශේෂිත ගෙවීම් ක්‍රමයක් යෝජනා කර තිබේ.
දැනට පවතින ප්‍රතිපත්ති වෛද්‍ය වෘත්තිකයන් මුහුණ දෙන දුෂ්කරතාවන්ට, විශේෂයෙන් දුරස්ථ ප්‍රදේශවල සේවය කරන අයට ස්ථාන මාරුවීම් සහ දිරිගැන්වීම් ලබා දීමේදී ප්‍රධාන වශයෙන් දායක වන බව එම බල මණ්ඩලය අවධාරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී කැඳවා තිබූ රැස්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන් සහභාගී වී තිබේ.
ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම් දාමය සහ සෞඛ්‍ය සේවක ස්ථාන මාරු ප්‍රතිපත්තිවල බලපෑම පිළිබඳ මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇත.
පසුගිය කාලසීමාවන්ට සාපේක්ෂව ඖෂධ හිඟයේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව රෝහල්වල මෑතකාලීන සමීක්ෂණවලින් පෙන්නුම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී පවසා තිබේ.
කෙසේවෙතත්, ප්‍රමාණවත් ලෙස ගබඩා කිරීම, බෙදාහැරීම සහ ප්‍රවාහන යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් පහසුකම්වල අඛණ්ඩ හිඟයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇත.
විදේශයන්හි වැඩිදුර පුහුණුව ලබන වෛද්‍යවරුන් නැවත පැමිණීම වළක්වන වත්මන් ස්ථාන මාරු ප්‍රතිපත්ති පිළිබඳව ද ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බල මණ්ඩලය විසින් පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට රෝහල් විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයකට මුහුණ දෙන අතර, දැනට සිටින කාර්ය මණ්ඩලයට වැඩි වේලාවක් සේවය කිරීමට ද බල කෙරේ.
මෙම ගැටලු හඳුනාගනිමින්, වෛද්‍ය නිලධාරීන්ගේ ආතතිය සමනය කිරීම සහ රට පුරා සෞඛ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් දුර බැහැර දිස්ත්‍රික්කවල ස්ථානගතව සිටින වෛද්‍යවරුන් සඳහා අමතර දීමනා ක්‍රියාත්මක කිරීමට රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බල මණ්ඩලය යෝජනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart