June 5, 2024

නිවේදිකාවක් ගංවතුරේ ගිලී කළ වාර්තාකරණය ගැන අන්තර්ජාතික ජනමාධ්‍ය පුහුණු උපදේශකයකුගෙන් ප්‍රතිචාර දක්වා ඇත.

පෞද්ගලික රුපවාහිනී නාලිකාවක නිවේදිකාවක ගංවතුරේ බැස අවදානමක් සහිතව සිදුකළ වාර්තාකරණය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය විය.

මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් ප්‍රශංසාත්මකව මෙන්ම විවේචනාත්මකවැඩ අදහස් රැසක් ඉදිරිපත් කර තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ආසියානු මාධ්‍ය සහයෝගිතා ආයතනයේ දකුණු ආසියානු කලාපීය උපදේශක, රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය පෙන්වා දෙන්නේ මෙය කිසිසේත් නොකළ යුතු සහ අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි.

අපදා සහ ස්වභාවික විපත් වාර්තාකරණයේදී ජනමාධ්‍යවේදීන් තම පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, එය මහජනතාවට ද ආදර්ශයක් විය යුතු බවත් ඔහු සඳහන් කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.

පහතින් දැක්වෙන්නේ එම සාකච්ඡාවයි.