May 21, 2024

මෙරට කාලගුණික තත්ත්වයන් අනුව ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ඉලක්ක වෙත ළඟා වීමට නම් ඉන්දියාවට සම්බන්ධ වීමට හෝ න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීමට අවශ්‍ය වනු ඇතැයි පර්යේෂකයකු සහ ප්‍රතිපත්ති උපදේශකයකු වන රොහාන් පෙතියාගොඩ පවසයි.

2030 වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය විදුලි උත්පාදනය සඳහා ඉලක්කයක් තබා ඇති අතර, එය වැඩි පූර්ව අධ්‍යයනයකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තබන ලද ඉලක්කයක් බව මේ වන විට පෙනෙන්නට තිබේ.

කලක් ප්‍රතිපත්තිවලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වූ , වර්ගීකරණ විද්‍යාඥයකු සහ පර්යේෂකයකු ද වන රොහාන් පෙතියාගොඩ පවසන්නේ සමස්ත ශ්‍රී ලංකාව ආහාර පිසීම සඳහා දර විශාල ප්‍රමාණයක් භාවිත කරන බවයි.

“ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් සියයට 60ක් පමණ තවමත් ඔවුන්ගේ ප්‍රධාන ඉන්ධන ලෙස දර භාවිත කරන බව අපි හඳුනා ගත යුතුයි” යැයි පෙතියාගොඩ ශ්‍රී ලංකාවේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දේශගුණික සංසදයකට එක්වෙමින් පැවසීය.

“ඔවුන්ට ආශීර්වාද කරන්න, මන්ද ඔවුන් ආහාර පිසීම සඳහා පොසිල ඉන්ධන මත යැපීම අඩු කර තිබෙනවා. අපගේ විශාලතම අපනයනවලින් එකක් වන තේ කර්මාන්තය පවා එහි නිෂ්පාදනයෙන් සියයට 90ක් පමණ ප්‍රධාන ඉන්ධන ලෙස භාවිත කරන්නේ දර.” යැයි ද හෙතෙම පැවසීය.

අන්තර්ජාතික ප්‍රවණතා මත පදනම් වූ කාබන් විමෝචනය සහ දූවිලි යන සාධක මත පදනම්ව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සහ අනෙකුත් ක්‍රියාකාරීන් ගල් අඟුරුවලට විරුද්ධ වේ.

තාප ජනක යන්ත්‍ර ප්‍රතිස්ථාපනය කරනතුරු විදුලි ක්ෂේත්‍රයේ මූලික ජනන බර සිදුකරන්නේ එම අංශයයි.

සූර්ය බලශක්තිය ලබා ගත හැක්කේ දිවා කාලයේ පැය කිහිපයක් පමණක් වන අතර එය ද වලාකුළු ආවරණය මත වෙනස් විය හැකිය.

ජල විදුලිය වඩා ස්ථායී නමුත් වර්ෂාව මත රඳා පවතී.

සුළඟ දවස පුරා පවතින නමුත් අස්ථායී විය හැක.

විචල්‍යතාවයේ ගැටලුව සහ අමතර පිරිවැයකින් බැටරි ගබඩා කිරීම හරහා යම් දුරකට එය විසඳිය හැකි බව විශ්ලේෂකයෝ පවසති.

පුනකරි ප්‍රදේශයේ බැටරි ගබඩා කරන පුනර්ජනනීය බලාගාරයක් මගින් මහජන ප්‍රකාශ මත පදනම්ව ඒකකයක් රුපියල් 48 සිට 49 දක්වා (ඇමරිකානු ඩොලර් ශත 15ක් පමණ) මිල කර ඇත.

මේ අතර පෙතියාගොඩ පැවසුවේ ශ්‍රී ලංකාවේ කාලගුණික රටා මෙම ක්ෂේත්‍රයට අමතර ගැටලුවක් ඇති කරන බවයි.

“ශ්‍රී ලංකාවේ අපගේ පුනර්ජනනීය බලශක්තිය සඳහා අපට අසාමාන්‍ය දෙයක් තිබෙනවා, ඊසානදිග මෝසමේ අග කෙළවරේ, දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා අපට මේ රටේ වියළි කාල පරිච්ඡේදයක් පවතින්නේ, එයින් අදහස් වන්නේ එම මාසවල අපගේ ජල විභවය පහත වැටෙන බවයි. ” පෙතියාගොඩ කීවේය.

“දැන්, අපගේ සුළං විභවයත් එකවරම පහත වැටෙනවා.”

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට දැනට පවතින ගල් අඟුරු පදනමට විශ්වාසනීය විකල්පයක් අවශ්‍ය වේ.

“විශේෂයෙන් එම හේතුව නිසා, අපට අඩු කාබන් විමෝචනයක් අවශ්‍ය නම්, දිගු කාලීනව ඉන්දියාවේ ජාලයට සම්බන්ධ කිරීම හෝ ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික පහසුකමක් තිබීම දෙස බැලිය යුතුයි. අපේ මූලික බර බොහෝ විට න්‍යෂ්ටික බලයෙන් පැමිණිය හැකියි,” යනුවෙන් පෙතියාගොඩ පැවසීය.

“නමුත් අපි එය කරන්නේ කුමන ආකාරයෙන්ද ?, ලාභදායී ක්‍රමය වනුයේ අප ඉන්දියාවේ ජාලයට සම්බන්ධ වීමයි. අපි එය කරන්නේ කුමන ආකාරයෙන්ද, අපි ඩොලර් බිලියන 40ක පමණ ආයෝජනයක් දෙස බලා සිටිනවා. එවිට සුළඟ සහ සූර්යයා හැසිරෙන්නේ කෙසේද යන්න සොයා බැලීමේ ගැටලුවක් අපට තිබෙනවා.” යනුවෙන් ඔහු පවසයි.

ඒ අනුව ඩොලර් බිලියන 40ක ආයෝජනයෙන් සෑදෙන්නේ කුමක්දැයි පැහැදිලි නැත.

2024 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය පැහැර හැරීමෙන් පසු නොගෙවූ මූලිකය ඇතුළුව ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.3කි.

2021 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියයට 70 ඉලක්කය එළිදක්වන විට විදුලිබල ඉංජිනේරුවන් කියා සිටියේ 2030 සඳහා සැලසුම් කර තිබූ සියයට 53ක බලශක්ති ප්‍රතිශතය ජර්මනියට සමාන බවයි.

42.31%
17.27%
32.76%