December 8, 2023

පාර්ලිමේන්තු සැසිවාරය සමාජ මාධ්‍ය ඔස්සේ සජීව ලෙස පටිගත කිරීමේ නිරත වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහට එරෙහිව පියවර ගන්නා ලෙස රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා සිටියේය.

“පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයමහ සැසිවාර සජීව පටිගත කිරීමක නිරත වූයේ කථානායකවරයා විසින් එය නවත්වන ලෙස නියෝග කර තිබියදී. මන්ත‍්‍රීවරයා ස්ථාවර නියෝග 91 කඩකර තිබෙනවා. ඊට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අපට අභියෝග කර තිබෙනවා. මේ මන්ත‍්‍රීවරුන්ට මේ විදියට හැසිරෙන්න දෙන්න බැහැ. ඔවුන්ගේ හැසිරීම්වලින් මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවෙනවා,” රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයමහ කියා සිටියේ ස්ථාවර නියෝග 91 සඳහන් කරන්නේ සහෝදර මන්ත්‍රීවරයකුට අපහාස කිරීම මිස පටිගත කිරීමක් නොවන බවයි.

“සමහර බූරුවන් ස්ථාවර නියෝග ගැන දන්නේ නැහැ, දේවල් කියනවා. ඔවුන්ට එසේ කිරීමට ඉඩ නොතැබිය යුතුයි,” යනුවෙන් ඔහු පැවැසීය.

42.31%
17.27%
32.76%