September 12, 2024

මැතිවරණ සමය උණුසුම් වන අතරතුර දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා ළමුන් සම්බන්ධ කර ගැනීම මැතිවරණ නිරීක්ෂකයන්ගේ අවධානයට ලක්ව ඇති අතර එවැනි ක්‍රියාකාරකම් නතර කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසන පරිදි බාලවයස්කාර දරුවන් දේශපාලන පක්ෂවල ප්‍රචාරක කටයුතු සඳහා සම්බන්ධ වී සිටින වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

එම නිසා මැතිවරණ නිරීක්ෂකයන් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ තම ප්‍රචාරණ කටයුතු සඳහා දරුවන් සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත්තේ මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් කොමිෂන් සභාවට ද පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

මෙම ගැටලු විසඳීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ යුතු බව රත්නායක සඳහන් කරයි.