June 11, 2024

අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරගාවලියේදී පිරිමි කණ්ඩායම පිළිබඳ බලාපොරොත්තු අත් නොහරින ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙරට ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලා සිටියාය.

ආතරගාවලියේ ඉතිරි කාලය තුළ විශේෂ දෙයක් කිරීමට ශ්‍රී ලංකාවට තවමත් හැකියාව ඇති බව තමන් විශ්වාස කරන බව ද ඇය පැවසුවාය.

හම්බන්තොටදී පැවැත්වීමට නියමිත දේශීය තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කළ හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් ඇය පැවසුවේ ක්‍රිකට් යනු අවිනිශ්චිත බැවින් පිරුණු ක්‍රීඩාවක් බවයි.

දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයට එරෙහිව ඔවුන්ගේ ආරම්භක තරග දෙකේදීම දැක්වූ දුර්වල දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාවට අත්වන ඉරණම පිළිබඳ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවාය.

“පාකිස්ථානය පවා ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණය කළ හැකි තරගයක් පසුගිය දිනක පරාජය වූ බව ඔබ දකින්න ඇති. එම නිසා මෙම ආකෘතියේ තරගවලදී විශේෂයෙන් කුමක් සිදුවේදැයි අනාවැකි කිව නොහැකියි, එම හේතුව නිසාම මම අපේ පිරිමි කණ්ඩායම තවදුරටත් ඉදිරියට යන්නේ නැහැ කියලා හිතන්නේ නැහැ, මම ඔවුන්ට සුබ පතනවා.” යනුවෙන් ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාව මේ වන විට දකුණු අප්‍රිකාවට සහ බංගලාදේශයට අඛණ්ඩව පරාජයට පත්වීමෙන් අනතුරුව D කාණ්ඩයේ පහළම ස්ථානයේ පසුවෙයි.

ඒ අනුව සුපිරි අට දෙනාගේ වටය අහිමිවීමේ අවදානමකට ලක්ව සිටින නමුත් වනිදු හසරංගගේ කණ්ඩායම ඉවත්වනු ඇති බවට පළ වන මතයන්ට එරෙහිව කාන්තා නායිකාව අවවාද කළාය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔරොත්තු දීමේ හැකියාවට සහ දැඩි විපත්තිවලට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රසිද්ධ වීම සහ ඔවුන්ට තව තරග දෙකක් ඉතිරිව ඇති බැවින්, ඔවුන් තම හැකියාවන්ට අනුව ක්‍රීඩා කර එම තරග දෙක ඒත්තු ගැන්වෙන පරිදි ජයග්‍රහණය කිරීම වැදගත් බව ඇය පැවසුවාය.

දැනට එක්දින සහ T 20 ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වයේ ලාංඡනයක නැගී සිටින චමරි සහ ඇගේ කණ්ඩායම පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින සහ විස්සයි20 තරගාවලියේදී බලපෑමක් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළාය .

“නවසීලන්තය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායම්වලට එරෙහිව අපිපසුගිය කාලයේ හොඳ ලකුණු ලබා ගත්තා,” යනුවෙන් ඇය සඳහන් කළාය.

“එම නිසා මට හැඟෙන්නේ පසුගිය වසර එකහමාරක කාලය තුළ මෙහේ සහ විදේශයන්හි ලැබූ අත්දැකීම් අපට හොඳ ස්ථාවරයක් ගෙන දෙන බව. මම හිතන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් ශක්තිමත්. අපි ඔවුන්ව අවතක්සේරු කරන්නේ නැහැ. මෙය තවත් අලුත් තගාවලියක් නිසා අතර අපි ඊට මුහුණදීමට බලා සිටිනවා,” යැයි ද ඇය පැවසුවාය.

2025 දී ඉන්දියාවේ පැවැත්වෙන ICC කාන්තා එක්දින ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට ලංසු තබන බැවින්, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින තරඟ හයක් සහ අයර්ලන්තයට එරෙහිව තරඟ තුනක් තම කණ්ඩායම සඳහා ඉතා වැදගත් වනු ඇති බව ඇය පැවසුවාය.

චමරි සිය සංචිතය ගැන සෑහීමකට පත් වූ අතර ප්‍රධාන පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායකගේ දායකත්වය ගැන ඉතා ඉහළින් කතා කළාය.

පිරිමි කණ්ඩායමේ වාසනාවට හාත්පසින්ම වෙනස්ව කාන්තා කණ්ඩායමේ වාසනාව හැරවීමට හිටපු ලංකා වේග පන්දු යවන්නාගේ බලපෑම තීරණාත්මක වූ බව ඇය සඳහන් කළාය.

ප්‍රධාන පුහුණුකරු ද කාන්තා කණ්ඩායමට යහපතක් කරන්නට හැකිවීම පිළිබඳ සුබවාදී අදහස් පළ කළ අතර ඉදිරි තරඟාවලියට පෙර පැවති සූදානම ගැන ද සෑහීමකට පත් විය.