December 13, 2023

ළග එන උත්සව සමයේ කොළඹ ඇතුළු නගරවලින් භාණ්ඩ මිලදී ගැනීමට යෑමේදී රන් භාණ්ඩ කොල්ලකරුවන්, කූට වෙළෙඳුන්, ව්‍යාජ මුදල් මාරුකරන පුද්ගලයන් සහ ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම් වන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්ලුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ ඇතුළු දිවයින පුරා නගරවලට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව උදෙසා නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඉදිරි දින කීපය තුළ යොදවන බව ද හෙතෙම පවසයි.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද සඳහන් කර ඇත.

”මේ උත්සව සමයේ තමයි ගැට කපන්නන්, රන් මාල කොල්ලකන කල්ලි, හොර නෝට්ටු රැගෙන එන අය, කූට වෙළෙඳුන් කරළියට එන්නේ. ඒ නිසා උත්සව සමයේ ඔබ අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න නගරයේ වෙළෙඳපොළට එනවා නම් සැළකිලිමත් වෙන්න. වෙළෙඳපොළේ ඉන්නකොට තමන්ගේ දේවල් ගැන විශේෂ අවධානය යොමුකරන්න. උත්සව සමයේ රන්මාල පැළඳගෙන වෙළෙඳපොළට එන්න එපා.”

42.31%
17.27%
32.76%