Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීමේ දී තම රහස්‍ය තොරතුරු අවභාවිතය වැළැක්වීම සඳහා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් එවැනි සේවාවන් අවශ්‍ය නම්, බලයලත් බදු උපදේශකයන්ගේ සහ විගණකවරුන්ගේ සේවය ලබා ගන්නා ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සාමාන්‍ය ජනතාවගේ ඕනෑම ගැටලුවකට පිළිතුරු දීමට සහ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ලබා ගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීමට නිල මාර්ග කිහිපයක් විවෘත කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන පවසයි.
1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙතින් ඍජුව ජනතාවට අවශ්‍ය සහය ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සාමාන්‍ය ජනතාවට ද මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම සහයක් සඳහා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වෙත ගොස් හෝ TIN අංකය පහසුවෙන් ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එසේ නොමැති නම් www.ird.gov.lk හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති විධිමත් මාර්ගගත ක්‍රියාවලිය අනුගමනය කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත පෙන්වා දුන්නේ රටේ ඉහළම බදු එකතු කිරීමේ අධිකාරිය වන සිය දෙපාර්තමේන්තුව රට තුළ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු සහ ආයතන සමඟ සම්බන්ධ වෙමින් පෞද්ගලික ආදායමට අදාළ තොරතුරු රැස්කිරීමේ මධ්‍යගත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart