November 3, 2024

මෑතකදී පත් වූ පළාත් ආණ්ඩුකාරවරයෙක් පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වමින් සිටියේය.

රැස්වීම ඉදිරියට යද්දී නව ආණ්ඩුකාරවරයා ඔහුගේ ඊට පෙර සිටි ආණ්ඩුකාරවරුන් සහ ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් විවේචනය කිරීමට පටන් ගත්තේය.

ඔහු එහිදී නිතරම ‘බූරුවා’ යන වචනය භාවිත කළේය.

“ආණ්ඩුකාරයෝ බූරුවෝ වුණත් එකයි බූරුවෝ ආණ්ඩුකාරයෝ වුණත් එකයි” යැයි එය අසා සිටි එහි සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තමා අසල වාඩි වී සිටි තවත් නිලධාරියෙක්ට උපහාසයෙන් කීවේය.

42.31%
17.27%
32.76%