56.8%
18.59%
20%
August 20, 2024

ලොතරැයි ටිකට්පත් දිනුම් අංකවලට මුදල් ඔට්ටු ඇල්ලූ කාන්තාවන් 4 දෙනකු ඊයේ (19) ආඳාඋල්පත 13 කනුව ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.

මොවුන් සන්තකයේ තිබී මුදල් රුපියල් 7950ක්, දවසේ සීට්ටුව ලෙසින් නම්කර කොටු සදහන් කර තිබූ කඩදාසි කොළ කීපයක් ද අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය.

රිදීමාලියද්ද ගලේයාය, බටුයාය, ආදාඋල්පත 13 කණුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28–48 අතර වයසේ පසුවෙන කාන්තාවන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

ලැබුණු තොරතුරක් මත රිදීමාලියද්ද පොලිසියේ නිලධාරීන් වෙස්වලාගෙන ගොස් ආඳාඋල්පත 13 කනුව ප්‍රදේශයේ සිදු කල වැටළීමකදී ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලොතරැයි ටිකට්පත්වල සදහන් දිනුම් අංක වලට මුදල් ඔට්ටු අල්ලමින් සිටි මෙම කාන්තාවන් පිරිස අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලිසිය සදහන් කළේය.(අද)

56.8%
18.59%
20%