July 9, 2024

ජනාධිපතිවරණය ගැන සාකච්ඡාවකට මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා සහ තැපැල්පතිවරයා මැතිවරණ කොමිසමට කැඳවයි

ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා සහ තැපැල්පතිවරයා අද (09) ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එහි සභාපති ආර්.එම්.එල්. රත්නායක පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ලබන 17 වැනි දායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමිවනු ඇත.

ඒ අනුව, මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා සඳහන් කරයි.

මේ අතර 2024 ඡන්ද හිමි නාමලේඛනය මේ වනවිට සහතික කර අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නාමලේඛනය නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීම මේ සතිය අවසන් වීමට පෙර සිදුකරන බව එහි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%