Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) සහ මගී යාත්‍රා සේවාවක් දියත් කිරීමේ හැකියාව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සාකච්ඡා කර තිබේ.
ඒ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සමගාමීව පසුගියදා නවදිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ෂීක් හසීනා අතර පැවති හමුවේදීය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණයට සහාය පළ කර ඇති අතර බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට සෘජු පෞද්ගලික ආයෝජන හවුල්කාරිත්වය හරහා ආධාර සැපයීමට බංග්ලාදේශ අගමැතිනි කැමැත්ත පළ කර ඇත.
X හි සටහනක් තබමින් ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කර තිබුණේ බංග්ලාදේශයේ ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික විශේෂඥයන් යැවීමට කටයුතු කරන බවයි.
“නිදහස් වෙළඳ ගිවිසුමක් සහ දෙරට අතර මගී යාත්‍රා සේවාවක හැකියාව ගැනත් අපි කතා කළා. ඇය බිම්ස්ටෙක් සමුළුවට මට ආරාධනා කළ නමුත් මැතිවරණ හේතුවෙන් මා නියෝජනය කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ ඇමැති අලි සබ්රි සහභාගි වනු ඇත. ඇය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වූ අතර මැතිවරණයෙන් පසු බංග්ලාදේශයේ සංචාරයක් සිදු කරන බවට මම සහතික වුණා,” යනුවෙන් එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.
මේ අතර, එස්. ජයිශංකර් සමඟ පැවති සාකච්ඡාවේදී, ඉන්දීය ආයෝජන සමඟ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ඉන්දියාවේ “අසල්වැසියාට මුල්තැන” ප්‍රතිපත්තිය සහ ත්‍රිකුණාමලයේ කර්මාන්ත කලාපයක් සඳහා සැලසුම් පිළිබඳ සාකච්ඡා කළ බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
“නව ආර්ථික පරිවර්තන පනත, සත්‍ය සහ ප්‍රතිසන්ධාන පනත් කෙටුම්පත සහ කෘෂිකාර්මික නවීකරණය සහ ධීවර ගැටලු පිළිබඳ යාවත්කාලීන කිරීම් පිළිබඳ මම ඔහුට දැනුම් දුන්නා. ප්‍රගතිය අධීක්ෂණය කිරීමට සහ අගමැති මෝදිගේ සංචාරය සම්බන්ධීකරණය කිරීමට ඔහු ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබෙනවා,” යැයි ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart