October 28, 2024

මෙරට විදේශ සංචාරකයන් බහුලව රැඳී සිටින ප්‍රදේශයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින බවට ලද තොරතුරු මත වැඩිදුර විමර්ශන සිදුකරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනකු රඳවාගෙන ප්‍රශ්න කරන බවත්, ඒ අනුව තවත් සැක කටයුතු පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර කරුණු අනාවරණය කරගැනීම සඳහා බන්ධනාගාරගතව සිටින සැකකරුන් කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙසත් පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදි.

එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන පරීක්ෂණවල ප්‍රගතියේ ඉදිරියේදී වාර්තා කරන ලෙසත් නියෝග කළේය.

42.31%
17.27%
32.76%