March 5, 2025

මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු පොල්තෙල් තොගයක් දේශීය වෙළෙඳපොළට පැමිණ ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසුවේ, ආනයනකරුවන් පිරිපහදු නොකළ පොල්තෙල් මිලදීගෙන දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමේ කාර්යයේ නිරතව සිටින බවයි.

“සමහර ආනයන සමාගම් සැලකිය යුතු ආදායමක් උපයා මාස 11ක් තුළ ආනයන නතර කර තිබෙනවා” යැයිද අමාත්‍යවරයා අනාවරණය කළේය.

පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර වංචා වැළැක්වීම සඳහා ශක්තිමත් නීතිරීති ගෙන එන බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නේය.