September 9, 2024

ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර හතරවැනි ස්ථානයට පැමිණිමට දිමුත් කරුණාරත්න සමත්ව තිබේ.

ඒ අනුව, ටෙස්ට් තරග 94කදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 7000 සිමාව පසුකිරීමට ඊයේ, එංගලන්තය සමග පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී ඔහු සමත්විය.

36 හැවිරිදි වියේ පසුවන හිටපු ටෙස්ට් නායක දිමුත් මේ වන විට ටෙස්ට් ශතක 16ක් සහ අර්ධ ශතක 38ක් රැස්කරගෙන සිටින අතර ඔහුගේ ලකුණු ලබාගැනිමේ සාමන්‍ය 40.87කි.

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 111කදී ලකුණු 7698ක්, මහේල ජයවර්ධන ටෙස්ට් තරග 149කදී ලකුණු 11814ක් සහ කුමාර් සංගක්කාර ටෙස්ට් තරග 134කදී ලකුණු 12400 ක් රැස්කරමින් දිමුත්ට ඉදිරියෙන් පසුවේ.