March 22, 2025

සර්වජන බලය පක්ෂය විසින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යවසායක හසන් අලල්ඩීන් නම්කර තිබේ.

සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් කොළඹ පැවති ඉෆ්තාර් උත්සවයකදී ඊයේ (21) මෙම නිවේදනය නිකුත් කරන ලදී.

අලල්ඩීන් මීට පෙර සර්වජන බලය පක්ෂයේ විධායක කමිටු සාමාජිකයකු සහ පක්ෂයේ නිල මාධ්‍ය ලේකම් ලෙස සේවය කළේය.