October 11, 2023

තමන් ඇතුළු කණ්ඩායමට නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට හේමකුමාර නානායක්කාර විසින් ඔහුගේ දේශපාලන පක්ෂය දන්දුන් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවැසීය.

සිංහල බෞද්ධ සභ්‍යත්වය ආරක්ෂා කරගනිමින් සිය දේශපාලන මාවත සකස්කර ගැනීමට අපේක්ෂා කරන බවද දිලිත් ජයවීර එහිදී සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ, මව්බිම ජනතා පක්ෂයේ නව දේශපාලන කාර්යාලය අද පෙරවරුවේ බොරැල්ලේදී විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

ශ්‍රී ලාංකික දේශපාලනඥයන්ට නව දිශානතියක් ලබාදීම තම දේශපාලන පක්ෂයේ අරමුණ බවද මව්බිම ජනතා පක්ෂයේ නායකයා පෙන්වාදුන්නේය.

එසේම කාලාපීය රටවල් සමග සහයෝගයෙන් සිය දේශපාලන ගමන සිදුකරන බවද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.