August 31, 2024

“සර්වජන බලය” ජනාධිපති අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර අද පෙරවරුවේ කොළඹදී සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන ලදී.

‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සහ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීරගේ ජනාධිපතිවරණ ජාතික උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීමේ උත්සවය අද (31) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ Monarch Imperial හෝටලයේදී පැවැත්විණි.

මෙම උපායමාර්ගික සැලැස්ම ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සටහන් වන අතර එය “ජනමතය මත ජීවමාන වූ ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණ උපායමාර්ගික සැලැස්ම” ලෙස හඳුන්වාදී ඇත.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන විමල් විරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.