53.84%
19.85%
20.11%
August 18, 2024

“හැම මැතිවරණයක් එනකොටම මේ උතුරේ ඉන්න දේශපාලකයින් පටන් ගන්නවා ව්‍යවස්ථා සංශෝධන, 13 බලගන්වන්න ඕන, ඉඩම් දෙන්න ඕන කියන සිංදුව ගහන්න. උතුරට වෙනම පාලනයක් ඕන කියනවා. මේ ඔක්කොම ඔබව රවට්ටන්න කියන බොරු කතා,” යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනය රක්ක පාර ක්‍රීඩාංගණයේ පැවති මහජන රැලිය අමතමින්ය.

“අද අපිට සුවිශේෂී දිනයක්. මම ගාල්ල දිස්ත්‍රික්කයේ ඉපදිලා අද මම මේ යාපනය ප්‍රදේශයට එන්නේ ඔබව ආමන්ත්‍රණය කරන්න. අපි පාසල් යන කාලයේ අපේ පාසැල ඉස්සරහ තිබුණා කිත්තන්ගේ කියලා එකක්. අපේ පංතිවල ගොඩක් දමිළ මිත්‍රයන් හිටියා. 83 ආත්මාර්ථකාමී දේශපාලකයන් උතුරේ සහ දකුණේ එකතු වෙලා ගිනිතියනකම් මේ රටේ අපි දැනගෙන හිටියෙත් නැහැ අපි අතරේ යම්කිසි භේදයක් ඇති කරන්න හදනවා කියලා. යාපනය පුස්තකාලයට ගිනි තියන්න දකුණෙන් ආපු ඒ දේශපාලකයන් රාත්‍රී කෑම කෑවේ මේ උතුරේ දේශපාලකයන්ගේ ගෙවල්වල කියලා ඔබ දන්නවාද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම ඔබට ආයාචනා කරන්නේ සිංහල කියලා මහ ජාතියක්වත්, දෙමළ කියලා සුළු ජාතියක්වත් නැහැ. ශ්‍රී ලාංකිකයන් හැටියට සභ්‍යත්වය විශ්වාස කරමින් අපි සියලු දෙනාම එකමුතු මහා ජාතියක් බව අපි එකඟ වෙන්න ඕන කාරණයක්. මට වගකීමෙන් කියන්න පුළුවන් කොළඹ සුඛෝපභෝගී ජීවිත ගත කරන මේ සියලු දේශපාලකයන් ඔබ රැවටීම පමණයි කරන්නේ. ඒකේ ප්‍රතිපලයක් හැටියට උතුරේ තරුණයන් කී දෙනෙක් මැරිලා තියෙනවද. දකුණේ තරුණයන් කීදෙනෙක් මැරුණද මේ පටු ආත්මාථර්කාමී දේශපලනය නිසා. මේ ජාතිවාදය ඇතුළු බෙදීම් ඇති කරන්නේ මේ අතර්මිතකාමි දේශපාලකයන් තමන්ගේ සුඛ විහරණය සදහා පමණක්ම බව මම කියන්න ඕන.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

“මෙන්න මේ බොරුව නවත්වන්න අපි සංකේතාත්මක ආදශර්යක් දෙන්න තමයි අපි මේ යාපනයට ආවේ. අපි හිතනවා උතුරේ ජනතාවත් නැගෙනහිර ජනතාවත් මේ රටේ ඉන්න සියලුම දෙමළ කතෝලික හින්දු බර්ගර් ඒ සියලුම ජනතාවත් ඒ වගේම දකුණේ ඉන්න සිංහල බෞද්ධ ජනතාවත් සිංහල කතෝලික ජනතාවත් සිංහල ක්‍රිස්තියානි ජනතාවත් මේ හඬ ඔවුන් තේරුම් ගනීවි කියලා. අපිට අවශ්‍ය නැහැ බෙදුණු ජාතිකත්වයක්. අපිට ඕන එකමුතු ජාතිකත්වයක්. ඒකයි තරුවේ වෙනස. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කාන්තාවන්ට. කොච්චර අමාරුකම් තිබුණත් ගෙදර සතුට ආරක්ෂා කර ගනිමින් දරුවන්ට, ස්වාමි පුරුෂයා රැක ගන්නේ කාන්තාව. අද අපි ආවේ මේ දකුණේ ආදරය අරගෙන අපිට ඕන රට ගැන ඇති කරපු වැරදි අවබෝධය දකුණ ගැන කියන වැරදි අවබෝධය වෙනස් කරලා අපගේ ආදරය ඔබට දීලා යන්නයි ආවේ. උතුරේ ජනතාව අපිත් එක්ක ඉන්න. ඔබගේ සතුට ගැන සිතා අපි වැඩ කරනවා. අපි වෙනස්ම දේශපාලන ගමනක යන්නේ. අපි කවදාවත් කණගාටු හිතෙන දේශපාලනයක් කරන්නේ නැහැ. ඡන්දය දෙන්න පෙට්ටිය අස්සට ඔබ ගියාම දරුවන් ගැන හිතලා කතිරය ගහන්න. අපේ ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ. අපි කරන්නේ බොරු දේශපාලනයක් නෙවේ.” යැයි දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කළේය.

53.84%
19.85%
20.11%