November 1, 2024

වත්මන් ආණ්ඩුව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති ආරක්ෂාව ඉවත්කරන්නේ, ඔහුට කෙනහිළිකම් කිරීම සඳහා බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.

දේශපාලන වෙනස්කම් තිබුණද මහින්ද රාජපක්ෂ යනු අමතක කළ නොහැකි යුග පුරුෂයෙක් බවද හෙතෙම සඳහන් කළේය.

දිලිත් ජයවීර මේ බව සඳහන් කළේ, ඊයේ (31) පස්වරුවේ කඳාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේද පැවැසීය.

“මහින්ද රාජපක්ෂ මහතාව කිසිදිනක අපට අමතක කරන්න බෑ. අපේ දේශපාලන ආඛ්‍යානය කුමක් වුවත් ඔහුව අමතක කරන්නට බැහැ. ඔහු යුග පුරුෂයෙක්. ඒ නිසා ඔහුව ආරක්ෂාව අයින් කරනවා නම්, ඒ ආරක්ෂාව ඉවත් කරන්නේ නිකන්ම නිකන් කුහකකම නිසාවත්, සාමාන්‍යයෙන් ඔවුන්ට තියෙන ඊර්සියාව නිසාවත් එහෙම නැතුව වෙනත් ව්‍යාපෘතියකටත් වඩා මේ රජය රට යුද්ධයෙන් බේරාගත් මහින්ද රාජපක්ෂ කියන නායකයාට තියෙන විරුද්ධත්වය නිසයි.

මම ඔවුන්ට මතක් කර දෙන්නට ඕනේ, 2008 අයවැයේ දී ඔවුන් අයවැය පරාජය කරන්නට හැදුවා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න. ඇයි ඒ… යුද්ධයේ අවසාන දින කිහිපයේ දී ඔවුන්ට ඕන වුණේ යුද්ධය නවත්වන්න. මොකද ඒ ඩොලර් සහජීවනය සඳහා. NGO සහජීවනය සඳහා. නැතුව මේ රටේ ද්‍රවිඩ මිනිස්සුන්ට ඇති ආදරයවත් මේ රටේ අනෙකුත් ජාතීන්ට ඇති ආදරයවත් මේ කිසිදෙයක් නිසා නෙමෙයි. අද මම දකිනවා විවිධ වේදිකාවල Ambulance එකත් ගන්නවා. ඒ මනුස්සයාගේ හැරමිටියත් ගන්නවා. මේක ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමක් නෙමෙයි. මේක මේ රටේ යුද්ධය අවසන් කරපු මහින්ද මහත්තයාට කරන කෙනෙහිලි වැඩක් මිසක් වෙන දෙයක් නෙමෙයි.”

42.31%
17.27%
32.76%