Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ නායකත්වයට නිරෝෂන් දික්වැල්ල නම්කර තිබේ.
තරගාවලිය ජූලි 1 වැනිදා ආරම්භ වීමට නියමිතය.
කඩුලු රකින ක්‍රීඩකයකු මෙන්ම පිතිකරුවකු ද වන නිරෝෂන් දික්වැල්ල සිය කණ්ඩායමට තම අත්දැකීම් සහ උපායමාර්ගික චින්තනය ලබා දෙනු ඇති බවට විශ්වාස කෙරේ.
නිර්භීත පිතිකරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන දික්වැල්ල ඔහුගේ නායකත්ව ගුණාංග සමඟින් ගෝල් මාර්වල්ස් කණ්ඩායම නව තලයකට ඔසවා තබනු ඇති බවට ද මත පළ වී තිබේ.
ගෝල් මාර්වල්ස් ප්‍රධාන පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් සහ හිමිකරු ප්‍රේම් තක්කාර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කළමනාකාරීත්වය සුදුසුකම් ඇති ක්‍රීඩකයන් ඉතා සූක්ෂම ලෙස ඇගයීමට ලක් කර අවසානයේ දික්වැල්ලගේ දැක්ම සහ ක්‍රිකට් දක්ෂතා කෙරෙහි විශ්වාසය තබා තිබේ.
ගෝල් මාර්වල්ස් කණ්ඩායමට නායකත්වය දීමට ලැබීම තමන්මහත් සේ අගය කරන බවත් එය භාග්‍යයක් බවත් දික්වැල්ල ප්‍රකාශ කර තිබේ.
මෙම දක්ෂ කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නොපසුබටව කටයුතු කිරීමට උනන්දු වන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
කණ්ඩායමේ නොසැලෙන කැපවීම සමඟින් රසිකයන් ආඩම්බරයට පත් කිරීමට හැකිවනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කරයි.
නිරෝෂන් දික්වැල්ල නායකයා වීම පිළිබඳ සතුටු වන බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් ප්‍රකාශ කර තිබේ.
ඔහු විශිෂ්ට දස්කම් දක්වමින් මෙම වාරයේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart