February 19, 2024

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ප්‍රවාහන සේවා ශක්තිමත් කිරීම සඳහා, විශේෂයෙන් ගිලන් රථ මෙහෙයුම් සඳහා ජපාන රජයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki සහ සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම ඩීසල් තොගයේ නිල භාරදීමේ උත්සවය අද කොළඹ වරායේදී පැවැත්විණි.

තවද, ඩීසල් සම්පත් විනිවිදභාවයෙන් හා වගකීමෙන් කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා බලධාරීන් විසින් නවීන ඉන්ධන කළමනාකරණ තොරතුරු පද්ධතියක් (FIMS) හඳුන්වා දී ඇති අතර, එමඟින් සෞඛ්‍ය සේවා ආයතන හරහා ඩීසල් බෙදාහැරීම ඉතා සූක්ෂම ලෙස නිරීක්ෂණය කිරීම, වාහන සහ පහසුකම් සඳහා ඉන්ධන වෙන්කිරීම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා පවත්වාගෙන යෑම සිදුකෙරේ.

42.31%
17.27%
32.76%