November 15, 2023

අද මුම්බායිහිදී පැවැත්වෙන 2023 ICC ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සඳහා ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගයට පෙර භාවිත කළ තණතීරුවක් භාවිත කිරීමට අවසර දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත බලපෑම් කළ බවට බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති ආයතනයක් වාර්තාවක් පළකිරීමත් සමඟ සැළකිය යුතු ආන්දෝලනයක් ඇති විය.

එක්සත් රාජධානියේ ‘ඩේලි මේල්’ පුවත්පත චෝදනා කළේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ICC අවසරයකින් තොරව ඔවුන්ගේ කණ්ඩායමේ අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩා කරන තණ තීරුව ඉන්දියාවට වාසිදායක කිරීමේ අයුරින් වෙනස් කළ බවයි.

කෙසේවෙතත්, ICCය නිවේදනයක් නිකුත් කරමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

මෙම වෙනස සිදුකර ඇත්තේ, වගකිවයුත්තන්ගේ නිර්දේශ මත බවද ICCය පෙන්වාදෙයි.

මෙම වෙනස පිළිබඳව ICC ස්වාධීන තණතීරු උපදේශකවරයා දැනුවත් කර ඇති අතර තණතීරුව හොඳින් ක්‍රීඩා නොකරනු ඇතැයි විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නැති බවද ICCය වැඩිදුරටත් සඳහන් කරයි.