November 6, 2023

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට පාර්ලිමේන්තු ලොබියේදී පහරදුන් බව කියන සිද්ධියට සම්බන්ධ ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තිදෙනාම පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසමින් ක්‍රියාකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කථානායක අජිත් රාජපක්ෂ අද (06) සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිනිට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව අද පාර්ලිමේන්තුවේදී රැස්විය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව නොවැම්බර් 9 වැනිදා රැස්වී අවසන් වාර්තාව සම්පාදනය කර කථානායකවරයාට භාරදීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් මාකර් සහ ඇමැති රමේෂ් පතිරණ යන පිරිස සහභාගි වූ කාරක සභාව හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර ප්‍රකාශ ලබාදී ඇත.

මෙම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්තට නොවැළැක්විය හැකි හේතුවක් මත රැස්වීමට පැමිණීමට නොහැකි වූ අතර මීළඟ රැස්වීමේදී කාරක සභාව හමුවේ පෙනීසිටින ලෙස දන්වා තිබේ.

42.31%
17.27%
32.76%